ත්‍රස්වාදී මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12. 00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ක්‍රියාත්මකයි

ත්‍රස්තවාදී මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාත්‍රී 12. 00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට රජය තීරණය කර තිබේ.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසයට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබා දීම සඳහා ජනාධිපතිතුමන් විසින් මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ එල්ල කළ ප්‍රහාර පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇතැයි, එහි වැඩිදුරටත් සඳහන් ය.
ඒ අනුව රටේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට හා මෙවැනි ත්‍රස්ත ක්‍රියා මර්දනයට ජාත්‍යන්තර සහය ඉල්ලා සිටීම සඳහා ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කැඳවීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පොලීසීයට හා ත්‍රිවිද හමුදාවට උපදෙස් දී ඇත්තේ, ඊයේ ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ සංවිධාන හා අනුබල දුන් බලවේග ඇත්නම් එකී සියලු බලවේග සම්පූර්ණයෙන් විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.