නාඋල නගරයේ පොලිස් ආරක්ෂාව තරකරයි
නාඋල - ඉන්දික අරුණ කුමාර

රට තුළ පැනනැගී ඇති අර්බුධකාරි තත්ත්වය හමුවේ නාඋල නගරයේ හා මොරගහකන්ද ජලාශයේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නාඋල පොලිසිය කියයි.
නාඋල නගරයේ විශේෂ මර්මස්ථාන ලෙස ගැනෙන ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමීය, මුස්ලිම් දේවස්ථාන දෙකක් හා කතෝලික දේවස්ථාන දෙකක් සදහා විශේෂ අවධානය යොමුකරමින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට නාඋල පොලිසිය කටයුතු යොදා තිබේ.
මීට අමතරව කඩිනම් මහවැලි සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ වේල්ලේ ආරක්ෂාව සදහා දිවා රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද නාඋල පොලිසිය කටයුතු යොදා තිබේ.
නිල ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින්ට අමතරව සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් නාඋල පොලිස් බල ප්‍රදේශයේ යොදවා ඇති බවත් නිකරුනේ නාඋල නගරයේ ගැවසෙන්නන් මෙන්ම සැකකටුතු පුද්ගලයින් හා රථවාහන නිරන්තර පරික්ෂාවට ලක්වන බව ද පොලිසිය කියා සිටියි.
අත්‍යාවශ්‍ය කරුණු සම්බන්ධයෙන් හැරුන විට නාඋල පොලිස් බල ප්‍රදේශයේ නිකරුනේ ගැවසීමෙන් වලකින ලෙසත් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ජනතාව බිය වැද්දීමේ ක්‍රියාවන් වලින් වැලකෙන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ වන විටත් නාඋල නගරයේ සියළු පූජනීය ස්ථාන වල ආරක්ෂාව තර කර ඇති බව ද පොලිසිය කියා සිටියි.