මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයා ගැනේ

ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 උණ්ඩ 152 ක් සහ මි.මී. 9 පිත්තෝල උණ්ඩ ඇසුරුම් 8ක් සොයාගනු ලැබ ඇත.
දියතලාව ප්රදේශයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු සහ ඔහුගේ පුතා ද අත්අඩංගුවට ගෙන ඇත.
දියතලාව පොලීසිය හා දියතලාව ගුවන් හමුදා කදවුරේ නිලධාරීන් විසින් ඒකාබද්ධව මෙම විශේෂ සෝදිසි සිදු කළ ඇති බව වාර්තා වේ.
අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.