kandy news web
kandy news web

ඊයේ සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි

0 53

 දිවයිනේ ස්ථාන 8 ක ඊයේ සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග මේ වනවිට තහවුරු කර තිබේ.

පිපිරීම්වලින් තුවාල ලැබූ පිරිස 452 කට අධික වේ.

AD2

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 261කි.

කටානේ කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 104 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලට ගෙන ආ බව එහි අධ්‍යක්ෂවරයා පැවසී ය.

මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් සංඛ්‍යාව 100කි.

මියගිය 7 දෙනෙකුගේ සිරුරු රාගම රොහලේ තැන්පත් කර ඇති අතර 32 කු එහි ප්‍රතිකාර ලබමින් සිටී.

මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය 28 දෙනෙකුගේ සිරුරු මඩකලපුව රෝහලේ තබා ඇතැයි එහි අධ්‍යක්ෂවරිය පැවසුවා ය.

එම පිපිරිමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන පිරිස 51කි.

කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබූ දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මියගිය අතර 6 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටී.

ගම්පහ රෝහලට තුවාලකරුවන් දෙදෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

මේ අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ආශ්‍රිතව සිදුවු පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් සොයා දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක් පරික්ෂා කිරීමේදී සිදුවු පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More