යුක්තියේ සටන ජයග්රහණයේ සැමරුම අද ගාලු මුවදොරදී

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරනු ලබන යුක්තියේ සටන ජයග්රහණයේ සැමරුම මහා ජනතා රැලිය අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (17) සවස 1.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා ප්වසනවා.
ඔක්තෝබර් 26 වැනිදා සිට ඊයේ දින(16) දක්වා ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙනයෑමට රජයට ශක්තිය ලබාදීම උදෙසා ජනතා සහභාගිත්වයෙන් මෙම රැලිය පැවැත්වෙන බවයි මන්ත්රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
රැළියේ සංවිධාන කටයුතු සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ එක්වූයේ මෙලෙසිනි.