පුපුරණ ද්‍රව්‍ය ගෙනා වෑන් රථයක් සොයා ගැනේ

කොළඹ ප්‍රදේශයේ පිපිරුම් සඳහා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන වෑන් රථයක් වැල්ලවත්තේ රාම කි‍්‍රෂ්ණ පාරේ දී සොයා ගැනේ.
එමෙන්ම දෙමටගොඩ මහවිල උද්‍යානය පිපිරුම සිදු වූ නිවස ඉදිරිපිටදී මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැල්ලවත්ත රාමකි‍්‍රෂ්ණ පාරේ වෑන් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි රියදුරු ද සමඟ බව පොලිසිය කියයි.
මෝටර් රථය අද පිපිරීම සිදු වූ මහල් නිවස ඉදිරිපිට නවතා තිබීයදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි ෂැන්ග්‍රිලා හෝටලයෙන් මිල දී ගත් වතුර බෝතලයක් ද තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.