පිපුරුම් තවත් – දෙමටගොඩ හා දෙහිවල

දෙහිවල හා දෙමටගොඩ ප්‍රදේශයන්හි පිපුුරුම් දෙකක් සිදුවී ඇති බව වාර්තා වේ.
දෙහිවල සත්වෝද්‍යානය අසල ඇති වූ පිපිරුමින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා ඇති බවත් දැනුම් දී ඇත.
දෙමටගොඩ පාලම අසල මහවෙල උද්‍යාන පාරේ නිවාස සංකීර්ණයක ඇති වූ පිපිරුමින් ඇති වී ඇති අතර එතුල තවත් පිපුරුමක් සිදු වූ බව වාර්තා වේ.
එම පිපුරුමින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වන අතර වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැති බව සඳහන් කළ යුතුය.
මේ වන විටත් දෙමටගොඩ නිවාස සංකීර්ණයේ පිපුරුම් ශබ්ද ඇතිවන බව වාර්තා වේ.