අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා අද(21) ප.ව 6.00 සිට හෙට(22) පෙ.ව 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්රකාශ කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
පොලිසීය, ත්රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථාන වල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා ඇත.