kandy news web
kandy news web

දිවයින පුරා පිපිරීම්වලින් 100කට අධික පිරිසක් මරුට

300කට අධික පිරිසකට තුවාල 

0 46

කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි සිදු වූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් සියයකට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා. 

කොළඹ කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 40 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

AD2

එසේම කොළඹ සිදු වූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයන් 280කට අධික පිරිසක් මේ වන විට කොළඹ ජාතික රෝහල වෙත ගෙනවිත් ඇති බවද වාර්තා වනවා. තුවාල ලැබූවන් අතර විදේශිකයන්ද සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙක් රටවටා නිව්ස් වෙත කියා සිටියේ. 

මේ අතර මඩකලපුව දේවස්තානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. 

මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන්ද පුද්ගලයන් 40 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වනවා. එහිදී තවත් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. 

තවත් තොරතරු බලාපොරොත්තු වන්න. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More