බක් පුර පසලොස්වක පොහොය අදයි

බක් පුර පසළොස්වක පොහොය අදයි.
අද වැනි දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ.
චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ සේක.
මෙය බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමන වන්නේය.
එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසු එළඹෙන පළමු පසළොස්වක පොහොය වන්නේ ද බක් පුර පසළොස්වක පොහොය දිනයයි.
පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්රතිපත්ති පූජා රැසක් පැවැත්වෙයි.