kandy news web
kandy news web

මොරගහකන්දේ මාළු හොරපාරෙන් ගලේවෙලට

නාවුල - ඉන්දික අරුණ කුමාර

0 99

මොරගහකන්ද ජලාශයට රජය මගින් මුදාහැර ඇති මසුන් හොර රහසේ අල්ලා ගලේවෙල ප්‍රදේශයට අලවිකරන ජාවාරමක් ක්‍රියාත්මක බව ජලාශය ආසන්නයේ පදිංචිකරැවෝ කියති.

ධිවර හා ජලජ සම්පත් දෙපාර්ථමේන්තුව මගින් මොරගහකන්ද ජලාශයට මුදාහැර ඇති මත්‍ය පැටවුන් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවන බව ජලාශ භාර වාරි ඉංජිනේරැවරැ පසුගි දා කියා සිටියේය.

AD2

මෙම මසුන් මේ වන විට වර් ධනය වී ඇති හෙයින් ජලාශය හේතුවෙන් අවතැන් වු පිරිස් සදහා විවිධ පුහුණු හා ධිවර ආම්පන්න රැසක් ලබාදෙමින් මේ වන විට ධිවර සමිති පවා ඇති කිරිමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

එවැනි පසුබිමක් යටතේ රාත්‍රි කාලයේ දැල් යොදා ගනිමින් හොර රහසේ අල්ලා ගනු ලබන මත්ස්‍ය අස්වැන්න ගලේවෙල ප්‍රදේශයට අලවීකිරිමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක් වන බව තතු දත් ප්‍රදේශවාසීන් කියා සිටිති.

මෙම තත්ත්වය හමුවේ ජලාශය තුළ ක්‍රියාත්මක ධිවර සමිතියක් වන දිරිය ධිවර සංවිධානයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිය සංවිධානයටද මෙම තොරතුරැ ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත්ය.

කිලෝ මීටර් ගනනක පැතිරි ඇති මොරගහකන්ද ජලාශයට පිවිසිය හැකි විවිධ මාර් ග සම්බන්ධයෙන් අවධානයක් ඇති හා පහසුවෙන් ජලාශයට ලගාවිය නොහැකි ස්ථාන වලින් සංවිධානාත්මකව මෙම මත්ස්‍ය හොරකම කලක් තිස්සේ සිදුවෙමින් පවතින බව තතු අනාවරණය ඛරන පිරිස් කියා සිටිති.

ජාවාරම් කරැවන් ආවරණය කරන ලද කුඩා ලොරි රථ (freezer) මේ සදහා යොදාගන්නා බවත් ඇතැම් අවස්තාවල ආරක්ෂක අංශ නොමග යැවීම සදහා අළුයම් කාලයේ පැමිණෙන මෙම රථවල භාහිරින් අයිස්ක්‍රිම් ලාංචන යොදාගෙන මෙම ජාවාරම සිදුකරන බව ප්‍රදේශවාසිහු කියති.

සංවිධානාත්මකව කලක් තිස්සේ සිදුවන මෙම ජාවාරම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ විශාල මුදලක් වැයකර අභිජනනය කර ඇති මත්‍ස්‍ය සම්පත අවභාවිතා වන බවත් එය වලක්වා ගැනීම සදහා කඩිනම් පියවරක් බලධාරින් විසින් ගතයුතු බවත් ප්‍රදේශවාසිහු අවධාරණය කරති.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More