ඩුබායි වලින් පිටුවහල් කළ දෙදෙනෙකු ලංකාවට

මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙක් ශ්‍රී‍්‍ර ලංකාවට පිටුවහල් කර තිබෙනවා.
පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රීඩ් මොහොමඩ් නම් වන මොවුන් UL226 ගුවන් යානයෙන් අද අළුයම 5.55 ට පමණ මෙරටට පැමිණ ඇත.
මොවුන් පැමිණීමත් සමඟ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය අංශ සඳහන් කරයි.