පන්නිපිටියේ – හදිසි ගින්නක්

පන්නිපිටිය දෙපානම ප්රදේශයේ බෑග් හා ලිපි කවර නිෂ්පාදන කාර්මාන්ත ශාලාවක සිව් මහල් ගොඩනැගිල්ලක අද (18) අලුයම 1.30 පමණ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගොඩනැගිල්ලේ පහළ මාලයේ ගින්න හටගෙන ඇති අතර පසුව ක්රමයෙන් ඉහළ මහළ දක්වා පැතිරී ගොස් ඇත.
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති.
එමෙන්ම එහි ගබඩා කර තිබූ නිමි ලිපි කවර හා බෑග් තොගයක් සමඟ වාහන තුනක්ද ගින්නෙන් සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.
අවුරුදු නිවාඩුව හේතුවෙන් කර්මාන්ත ශාලාව වසා දමා තිබූ ඇති අතර එබැවින කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.
කෝට්ටේ සහ දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවලට අයත් ගිනි නිවන රථ 2 ක්, ජල බවුසර 3 ක් සමඟ සේවකයින් 23 ක් පැමිණ පැය දෙකකට ආසන්න කාලයක් මහත් පරිශ්රමයක් දරා ගින්න මැඩපවත්වා ඇති බව සඳහන් වේ.