kandy news web
kandy news web

ලෝක උරුම දිනය අදයි (18)

සමීර මලගල

0 172

මානව සංස්කෘතිකය තුල මෙන්ම පෘථිවියේ අරම්භයේ සිට මේ දක්වා කාලරාමුව තුල භෞතික ව හා සංස්කෘතික  වශයෙන් විවිධ එකතුන් ලොව පුරා විසිර පවති. එම සංස්කෘතික  හා භෞතික  නිර්මාණයන් තුල ගොඩනැගි ඇත්තෙ අතිත මිනිසාගෙ මෙන්ම පෘථිවියේ  ඉතිහාසයයි.  මෙම වටිනාකමක් සහිත පරිසරයන් ආරක්ෂා  ගැනිම වර්තමාන මිනිසාගෙ සමාජය වගකිමක් බවට පත් වි ඇත . මෙම උරුමයන් ආරක්ෂා  කරගැනිම් එක් රටක හෝ සමාජයක හො සංස්කෘතිකයට තනිව සිදුකල නොහැකි නිසා යුනෙස්කෝ  සංවිධානය  වැනි සංවිධාන  ලෝක උරුමයන් ආරක්ෂා  කිරිම සදහා මැදිහත් ව කටයුතු  කරනු ලබයි. ඔවුන් විසින් ලෝක උරුම දිනය ලෙස අද දින නම් කර ඇති අතර  එමගින්  උරුමය න් ආරක්ෂා  කිරිමේ සුවිශේෂි  කාර්‍ය භාරයක් ඉටුකරමින් පවති. ලෝක උරුමයක් ලෙස නම් කිරිමේ දි ඔවුන් එම උරුමයේ  ඇති සුවිශේෂි  කරුණු දහයක් පිලිබදව  අවදානය යොමු කරනු ලැබේ.

  • මානව නිර්මාණ ප‍්‍රතිභාව සහිත විශිෂ්ඨ නිර්මාණයන් නියෝජනය කිරීම.
  • විශ්ව සංස්කෘතිකමය ක්ෂේත‍්‍රය තුළ කලක් තිස්සේ පැවත එන ගෘහනිර්මාණ කලාව හා බැඳුණු, වැදගත් මානව හරයන්ගේ අන්නෝන්‍ය එකතුව විදහා දැක්වීම.
  • තාක්ෂණය, ස්මාරක කලාව, නගර නිර්මාණ හා භූමි පරිභෝජන සැලසුම් හා බැඳුණු වැදගත් සංසිද්ධීන්.
  • ලෝකය තුළ දැනට දක්නට ලැබෙන හෝ අභාවයට ගොස් ඇති සංස්කෘතිකමය සම්ප‍්‍රදායන් හෝ ශිෂ්ඨාචාරයන්වලට සාක්ෂි දරණ විශේෂතාවයන්/ සිද්ධීන්.
  • මානව ඉතිහාසයේ විශේෂිත අදියරයන් පෙන්නුම් කරනු ලබන ගොඩනැගිලි, ගෘහනිර්මාණ හෝ තාක්ෂණයන් සමඟ බැඳුණු කැපී පෙනෙන උදාහරණ.
  • දැනට විනාශ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති,  විශේෂිත වූ මානව අන්තර් ක‍්‍රියාකාරකම් හෝ සංස්කෘතීන් නියෝජනය කරනු ලබන සාම්ප‍්‍රදායික මානව ජනාවාස, භූමි පරිභෝජනය හෝ මුහුදු භාවිතයට ගැනීම යන ක‍්‍රියාකාරකම් හා බැඳුණු විශේෂිත උදාහරණ.
  • කැපී පෙනෙන විශ්ව මට්ට්මේ විශේෂත්වයක් සහිත කලා හා සාහිත්‍යමය කෘතීන්, සංකල්ප හෝ අදහස් නියෝජනය වන ඍජු හෝ ස්පර්ශමය වශයෙන් පවත්නා නිර්මාණ (කමිටුව විසින් මෙම නිර්ණායකය අනෙකුත් නිර්ණායක සමඟ පොදුවේ යොදා ගනී.)
  • විශේෂිත ස්වභාවික ප‍්‍රපංචයක් හෝ, ව්‍යතිරේඛමය ස්වභාවික අලංකාරයක් හෝ සෞන්දර්යාත්මක ආකර්ශණයක් සහිත වීම.
  • ඓතාහාසිකමය ජීවන තොරතුරු/ වාර්තා
  • ජලය, වෙරළ හා මුහුද ඇතුළත් පාරම්පරික පද්ධතිය තුළ වෙසෙන පැලෑටි හා සත්ව විශේෂවල සංවර්ධන හා පරිණාමනය හා බැඳුණු පාරම්පරික හා ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලිය නියෝජනය කරනු ලබන වැදගත් උදාහරණ වීම.
  • විද්‍යාව හා සංරක්ෂණය යන දෘෂ්ඨි කෝණයන්ගෙන් විශේෂිත වූ විශ්වමය වටිනාකමක් සහිත දැනට විනාශ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ජීවමය ප‍්‍රභේදයන් ඇතුළුව සංරක්ෂණයක අවශ්‍යතාවය පවත්නා ඉතා වැදගත් වූ ස්වභාවික වාසභූමි/ ජනාවාස වීම.
  • භූමි  විනාශය හා සම්බන්ධ භූ විද්‍යාත්මක සංසිද්ධීන්, හෝ වෙනත් භෞතිකමය පරිණාමයන් සහිත පෘථිවි ඉතිහාසයේ ප‍්‍රධාන අවස්ථාවන් නියෝජනය කරනු ලබන කැපී පෙනෙන උදාහරණ වීම.
AD2

ශ්‍රි ලංකාවේ ද මෙවැනි උරුම අටක් දැක ගත හැකි වන අතර ඉන් හයක් ම මිනිසා විසින් නිර්මාණය කර ලොවට ශේෂ කල දැනවන අතර  පාරසරිකමය වටිනාකමක් ඇති වනාන්තර පද්ධතියන් දෙකක් ද දැක ගත හැකිවේ, මේ පිලිබදව  තොරතුරු  ඉදිරියෙදි එකිනෙක ඔබ වෙත ගෙන එමට බලාපොරොත්තු වන්නෙමු, ලෝක උරුමය  රැක ගැනිමේ දි එය එක් ආයතනයකට හෝ සංවිධානය පමණක් ඉටු කල නොහැකි  වන අතර එය සමාජයෙ සැමදෙනාගෙම වගකිමකි. එමගින් උරුමයන් ආනාගතයට සුරක්ෂිත කරගත හැකිවේ.

(තොරතුරු ලෝක උරැම  සංරක්ෂණ  ප්‍රඥප්තිය)

අනාගතය වෙත ලංකාවේ උරුමයන් සුරුකීමට අපි එකතු වී අවසානය. අප හා එක්වීමට කැමති ඔබ සැමට අපි ආරාධනා කරමු.

උරුමයන් ‍හෙටට සංවිධානය අමතන්න – 081-2220338 

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More