කුසල් ජනිත් පෙරේරා එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට

ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කරයි.
තවත් දින 45 කින් එංගලන්තයේ දී ක්රිකට් ලෝක කුසලානය පැවැත්වේ.
එම තරගාවලියට සහභාගිවන ශ්රී ලංකා කණ්ඩායම හෙට නම් කිරීමට නියමිතයි.
එහිදී එම කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.
හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පූර්ණ සුවය ලබාසිටීම හේතුවෙන් ඔහුගේ නමද නායකත්වය සදහා යෝජනා වී තිබෙන බව වාර්තා වේ.
මේ වන විට එක්දින නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග කණ්ඩායම ජයග්රහණය කරා කැදවාගෙන යාමට අසමත්වීම මෙලෙස නව නායකත්වයක් වෙත තේරීම් කමිටුවේ අවධානය යොමුවීමට බලපා තිබේ.