” රාවණා – වන් ” ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

රාවණ -වන් චන්ද්‍රිකාව අද අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශ ගත කිරීම ආරම්භ වුණා.
මෙය නිර්මාණය කොට ඇත්තේ මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු විසිනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරීයෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධිධාරිනියක වන දුලානි චාමිකා විතානගේ රාවණ – වන් චන්ද්‍රිකාවේ සාඩම්බර නිර්මාණකරුවන් දෙපළයි.
එය අද(18) අලුයම 02.16ට අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදුවූ බව පැවසේ.
මෙම වැඩපිළිවෙල සංවිධානය කළේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයයි.
ජාතික අභ්‍යාවකාශ වැඩසටහන යටතේ පුහුණු ව්‍යාපෘති ද ආරම්භ කර ඇති බව චන්දන ජයරත්න මහතා විසින් තවදුරටත් ප්‍රකාශ කරන්නට විය.