kandy news web
kandy news web

ගෙවෙන අවුරුද්දේ අවුරුදු කතාව

සමීර මලගල

0 96

කොහෝ  හඬින් පරිසරය හැඩ වන විට , එරබදු මල් වලින් පරිසරය විචිත්‍රවත් වන විට අස්වනු සරු සාර වී අටුකොටු පිරි ඉතිරි යනවිට ,හෙලයේ මහා මංගල්‍යය  සැවොම එකාරාශි වන්නෙ නිතැතිනි. සිංහල දමිල අලුත් අවුරුද්ද  සාමය, සෞභාග්‍යය  උදාකරන වසන්ත කාලයයි.  සුර්‍ය මින  රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවිම සංකේතවත් කරනු ලබයි. මල් පළ බර වන භාග්‍ය කාල සමය යන අරුතින් "බක් මාසය" ලෙස මෙම මාසය හදුන්වනු වනු ලැබේ. මෙම මාසය සංස්කෘතික  භාෂාවෙන් හදුන්වනු ලබන්නෙ චෛත්‍ර ලෙසය. අප්‍රේල් මාසයේ ශ්‍රි ලංකාවේ  පමණක් නොව විවිධ  රටවල් විවිධ  නාමකරණය යටතේ මෙම කාලය තුළදී විවිධ  උත්සවයන් සමරනු ලැබේ. තායි නව අවුරැද්ද ,ඉන්දියාවේ ඔරියා අලුත් අවුරැද්ද , බෙංගාලි  අලුත් අවුරැද්ද , දෙමළ අලුත්  අවුරැද්ද ,කාම්බෝජ අලුත් අවුරැද්ද , ලාඹ් අලුත්  අවුරැද්ද  ආදි වු ආසියානු රටවල් මෙන්ම,ග්‍රිසිය , රැමේනියාව , පෘතුගාලය, ස්පාඤ්ඤය වැනි යුරොපා රටවල් ද මෙම අවුරුදු උළෙල සමරනු ලබයි. සිංහල ජනාතාව අලුත් අවුරුද්ද ලෙසද දෙමළ ජනාතාව පුත්තාන්ඩු යන නමින් ද අවුරුද්ද හඳුන්වනු ලැබේ.

හින්දු ජනශ්‍රැතියට අනුව අවුරුද්ද උදාවනු ලබන්නේ සාමයට අධිපති කුමරුන් වන ඉන්ද්‍රදේවී කුමරුන් පෘථිවි තලයට පැමීණ සෞභාග්‍යය  හා සමාය ලබාදෙන බවයි, එසේම අවුරුදු කුමරයා සුදු පැහැති හත්රියන් උස ඔටුන්නක්  පැලද ගෙන සුදුපැහැති රියකින් පැමිණ පෘථිවි ගුරුත්වය බිද දමා කිරි මුහුදෙ ගිල්වා ගොඩට ගනු ලබන බවටද විශ්වාසයක් ජනයා අතර පවති.

AD2

ශ්‍රි ලංකාවේ  අවුරුදු උළෙල ඉතිහාසය  පිලිබදව  විමසිමේ දි මහාවංසය තුල පැහැදිලි  ලෙස දැක ගත නොහැකි වුව මහනුවර  අවධියේ සිට අවුරුදු  උළෙල පවත් වන බව දැක ගත හැකිවේ , බෞද්ධ ජනයා අලුත්  අවුරුද්ද ලෙස සලකුණු  බුදුරජාණන් වහන්සේ  තෙමගුල  සිදුවුකාල සමයයි, ඒසෙ වුවත් මෙරට ඉතිහාසයෙ චන්ද්‍රයාගෙ ගමන් මාර්ගය අනුව විවිධ  මාස වල මෙරට විවිධ උත්සවයන් පවත්වා ඇති බවට දක්නට ලැබේ. ඇසල උත්සවය, වෙසක් උත්සවය, ජෙඨිට මුල උත්සවය, අලුත්සහල් මංගල්‍ය , ආදි වු උත්සවයන් රැසක් රාජ අනුග්‍රහය යටතේ සිදුකර ඇති බව වංශ කතා පරික්ෂා කිරිමේ දි දැකිය හැකිවේ, අතිතයේ දි බොහො කටයුතු  ඒ අනුව චන්ද්‍රමාස ක්‍රමයට වන අතර සිංහල අලුත්  අවුරුද්ද  සලකුණු  ලබන්නේ  ශක වර්ෂ ක්‍රමයට ය

මෙරට ශක වර්ෂ  ක්‍රමවේදය පිලිබදව අපට දක්නට  ලැබෙන්නේ  ගඩලාදෙණිය  ශිලා ලෙඛණයෙනි. හතරවන භුවනෙක බාහු විසින් දහතරවන සියවසේ දි  කරවන ලද එම ලේකණයේ  මෙම ශක වර්ෂ  යන්න  දක්වා ඇත පෙල පොතෙහි ශක වර්ෂ ආරම්භය දක්වා  ඇත්තෙ  ක්‍රි.ව 78  දි ආරම්භ  වුන බවයි. ශක වර්ෂ  ලැබි ඇත්තෙ  ඉන්දියාවේ විසූ අග්‍රගන්‍ය ජ්‍යෙතිෂ පඬිවරයකුව සිටි ශක රජු මිය ගියේ ක්‍රිස්‌තු වර්ෂ 78 දීය. එබැවින් එම රජුට ගරු කිරීමක්‌ ලෙස සලකා රජු මියගිය වසර පළමු වන වසර ලෙස ගෙන එතැන් සිට පිළිවෙළින් ශක වර්ෂ ක්‍රමය ජ්‍යෙතිෂවේදීන් විසින් ඉදිරියට පවත්වා ගෙන පැමිණෙ ලදි. ඒ අනුව වර්ෂය ගණනය කරන්නේ ක්‍රිස්‌තු වර්ෂයෙන් වසර 78 ක්‌ අඩුකර බැලීමෙනි. ඒ අනුව මේ ලබන 2019 අලුත් අවුරුද්ද  ශක වර්ෂයෙන් 1941 වසර වේ.

අපරට සිංහල අලුත්  අවුරුද්ද  චාරිත්‍රානුකූල  පවත්වත්වා ඇත්තෙ  මහනුවර යුගයේදිය. එයට දකුණු  ඉන්දිය සම්ප්‍රදාය හා මෙරට සම්ප්‍රදාය අතර සම්මිශ්‍රණය විමකිනි. නයාක්කාර් රාජවංශයන්ගෙ රාජ්‍ය  කාල සාමයේ දි සුර්‍ය  වන්දනාව මුලික කරගෙන රජ වාසල හා ඒ ආශ්‍රිත්‍ර ව ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වා ඇත. තොරණ් බැද ප්‍රධාන ගණිතඥයාගෙ (නැකැත් කරුවා)  නැකත් හා දින වලට චාරිත්‍ර  පවත්වා ඇති අතර අදට පවත්වනු ලබන්නේ  එම චාරිත්‍රයන් වේ.සිංහල අලුත් අවුරැදු උදාව සංකේතවත් වන්නෙ නාථ දේවාලයේ සිදුකරන ලබන හේවිසි වැයිමෙනි. ඉන්පසු රජතුමන් හා අමාත්‍යවරුන් සියලු නැකත්  රාජසාභාවෙ දි ඉෂ්ඨ  කරනලද බවත් රජතුමන් හිස තෙල් ගා රාජකාරි ආරම්භ  කරන බවත් ඉතිහාසය  තුළ සදහන් වේ, වර්තමානයේ  පෙර සිරිත් විරිත් එලෙස ම කන්ද උඩරට දලදා මාලිඟාවේ දි හා නාථ දේවාල පරිශ්‍රය  තුල එලෙස ම සිදුකරනු   ලැබේ .

සිංහල දමිල  අලුත්  අවුරුද්ද ට පවත්වනු  චිරාගත සම්ප්‍රදායන්  මෙන්ම අතිතයේ  පැවැති අලුත් අවුරුද්දෙ පැවැති  සුන්දරත්වය ද වර්තමානය වන විට වියකි යමින් පවති, එදා අලුත්  අවුරුද්ද  පණිවිඩය  රැගෙන ආ කොහා අද වන විට පරිසරයන් වල දැක ගත නොහැකි වි ඇත. පරිසරය තුල සමතුලිත තාවයන් බිද වැටිම මෙයට ප්‍රධානතම හේතු වි ඇත. එරබදු මල් අද වර්තමාන පරපුර ට දැක ගන්න ට නොහැකිවි ඇත. ඒදා ගම්වල දසත පැතිරැනු රබන් සුරල් වෙනුවට අද රතිඥ්ඥා හා විවිධ ඝොෂාකාරි සංගිතයන් පැමිණ  ඇත. අලුත් අවුරුදු උළෙලවල් සම්ප්‍රදායෙන් බැහැරට යමින් පවති. වර්තමානයේ අප සැමගේ වගකිම වන්නේ  සම්ප්‍රදාය  රැකගෙන අලුත් අවුරුද්දෙ අරමුණු වන සාමුහිකත්වය සමගිය , වර්ධනය කරගෙන අලුත් අවුරුද්ද සැමරිමයි, ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යයමත් සුභ  අලුත් අවුරුද්දක් වේවා…

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More