මහියංගණයේ බස් – වෑන් අනතුරෙන් 10ක් මරුට – තවත් දෙදෙනෙකුට බරපතලයි
මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක්

මහියංගනය – බදුල්ල මාර්ගයේ මහියංගනය මහා විද්‍යාලය ඉදිරිපිටදී වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මහියංගණ පොලිසිය කියා සිටියේ අද(17) අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ දියතලාවේ සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ බදුල්ල දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ රියදුරු ඇතුළු 12 දෙනෙකු බරපතල තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් සිව් දෙනෙක් කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් වන බවද පොලිසිය පවසනවා.
බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවන් දෙදෙනෙක් මේ වන විට මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.