මාරක අනතුරින් 10ක් මරුට

මහියංගනයේ සිදුවූ රිය අනතුරකින් දස (10) දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත.
මහියංගනය බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී මෙම අනතුර සිදු වී ඇත.
ත්රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වූ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසයි.
අද අලුයම 1යි 30ට පමණ මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි වාර්තා වේ.
බරපතල තුවාල ලැබු තවත් කාන්තාවන් දෙදෙනෙකු මහියංගනය රෝහලේ ප්රතිකාර ලබයි.