kandy news web
kandy news web

රබන් පද

0 128

ගසට පලච්චෙයි විමනා

ගසෙන් වැටිච්චෙයි විමනා

AD2

විමනා කුන්ද මනා කුකඳ මනා

කුඳන් මනා දොං

 

———————————-

කොක්කු දෙදහසක් ඇවිදින්

පුත්තලමේ දොං

එයින් දෙදහසක් ඇවිදින්

අතර මගදි දොං

කොකා කරපු නින්දාවට

කෙකී ගොසින් බොම්බෑවට

කොක්කු පුතේ

කොක් වලල්ල.

ටිකක් නටාපන් බලන්න

 

———————————-

 

තජ්ජ මත්තකි නන්කි නායක කින්නරේ කිනරේ ගිනම් ගජත මිත්තකි නන්කි නායක කින්නරේ කිතරේ ගිනම් තජ්ජ මිත්තන් තගජ මිත්තන් තජ්ජ මිත්තකි නන්කි නායක නගජ මිත්තකි නන්කි නායක කි න් න රේ කි න රේ ගි න ම් කි න් න රේ කි න රේ ගි න ම්

 

———————————-

 

ඉඳන් පොත්ත ඉඳි පරුවත,

ලුනු පොත්ත දොදාන් දොං

ඉඟිලි ගහට මිහිලි තමයි කෝක පරවියෝ

තක දොං, කෝක පරවියෝ.

 

———————————-

දුන්න තෙතයි තෙයි

දුනු මිටි තෙයි තෙයි

දුනු සඹලන් බඳි තේයි තෙතෙයි තෙයි

බරණැස් නිරිඳුගෙ සළුව දමාගෙන නෛයාඩම් කර තාක්ක තෙයි තෙයි

 

———————————-

 

බුබුල් බුලත් මම් ගත්තා

තුට්ටු දෙකට මම් වික්කා

තුට්ටු දෙකට ගත්තු බුලත්

සල්ලි හතට මම් වික්කා

 

———————————-

 

බැබිල බැබිල බත් බැඳගෙණ

පිඟන් දෙකට බත් බැඳ ගෙණ

වැටකෙයියා උඩ ඉඳ ගෙණ

පිපිච්ච මල් දුන්නෝ

 

———————————-

 

ඉද්ද මලයි මල් වඩමයි දොංත තකිට තා

නෙලූම් මලයි මල් වඩමයි දොංත තකිට තා

දොං ත තකිට දොංත තකිට දොංත තකිට තා

 

———————————-

 

කොස්‌ කටු කුල්ලක්‌
ඉනේ තියාගෙන
ගාලට කිට්‌ටු වෙතෙයි
මදු කොළ ගාලක්‌
මිටට කඩාගෙන
ඉදඃ ඉදඃ කියතෙයි
තෙතෙයි තෙයි
ඉදඃ ඉදඃ කියතෙයි.

———————————-

 

රාම කිතෙයි

රා දොමිතෙයි

දබර වෙතෙයි

රෑට කතෙයි

හෙරලි කතෙයි

ඇට දමතෙයි

උඩලිපතෙයි – තෙයි

 

———————————-

කැත්තක්‌ අරගෙන
වත්තට යන කොට
පෙත්තෙක්‌ ඉඳගෙන
කජු කනවා

———————————-

උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර – බිමින් බිමින් වර
කඡ්ජ කන්න වර පෙත්තප්පු

———————————-

ඔන්න උමංගොඩයා
ගොඩැල්ලේ
කඡ්ජු පතක්‌ කනවා
තොපටත් අපටත්
ඉන් මින් කම්නැත
බැද්දට පැනපිය
තාකු තකුඳ තත්
කුද – කුද
තාකු තකුඳ තත්.

———————————-

 

වැල්ලවත්තෙ
වැලිකඳ පිට
නෙල්ලි කඩනවා
නෙල්ලි පොත්ත
බිම තිය තිය
මල්ල බඳිනවා
තක දොං
මල්ල බඳිනවා

———————————-

 

රන් තැඹිලි ගස්‌ දෙකයි
ගොන් තැඹිලි ගස්‌ දෙකයි
ගස්‌ දෙකට මල් දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි

රන් තැඹිලි රන් තැඹිලි
රන් තැඹිලි වල්ලයි
ගොන් තැඹිලි ගොන් තැඹිලි
ගොන් තැඹිලි වල්ලයි
රන් තැඹිලි වල්ලයි
ගොන් තැඹිලි වල්ලයි

———————————-

 

තුන් තුඹ ගෙඩි
තුනයි – තුනයි
තිත්ත කැකිරි
දෙකයි – දෙකයි
තුන් තුඹ ගෙඩි දෙක
නැන්දට දීපන්
තිත්ත කැකිරි දෙක
මාමට දීපන්

තිත්ත කැකිරි ගෙඩි
මාමට දීපන්
නෙලං කැකිරි ගෙඩි
නැන්දට දීපන්
පුංචි රබානේ
ගින්දර දාපන්
ගහන රබන් පද
හරියට ගහපන්

තුන් තුඹගෙඩි
තුනට කපන්
තිත්ත කැකිරි
දෙකට කපන්

———————————-

උඩපල ගත්තත් වට්‌ටක්‌කා
බිම පල ගත්තත් වට්‌ටක්‌කා
උඩපල ගත්තත් – බිම පල ගත්තත්
පුංචි – පුංචි ගෙඩි  වට්‌ටක්‌කා

———————————-

තිත්ත කරවිල
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ
තෙලෙන් බැද්දත්
තෙලෙන් බැද්දත්
පුංචි බණ්‌ඩට
කන්ඩ බෑ.

———————————-

ඔන්න ඔන්න මල්
මෙන්න මෙන්න මල්
දෙමට – දෙමට මල්
සමන් පිච්ච මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
අල්ලපු වත්තේ
පිපිච්ච සුදු මල්

අත්තක සුදු මල්
අත්තක රතු මල්
පිපිච්ච මදු මල්
තකදොං පිපිච්ච මදුමල්

———————————-

 

කුරුඳු පොපිල
කුරුඳු පොපිල
කුරුඳු මල් වඩම්
සකි සඳ පිච්චමල් වඩම්
සකිසඳ පිච්චමල් වඩම්

ඉද්දමලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිට තා

අගලවත්ත කොටු කුඩැල්ල
මකළුදැල්ල – ගති ගුදං
බතල වත්තෙ මල් පිපිලා
බමරු රොන් අරන්
තරිකිට බමරු රොන් අරන්

නෙළුම් මලයි
මල්වඩමයි
දොමිට තකිට තා
දොමිට තකිත – දොමිට තකිත
දොමිට තකිත තා

———————————-

 

තාක්‌ක තරිකිට
තේක්‌ක නැන්දේ
තේක්‌ක මල් පිපිලා
අන්න බලන් සකි
මෙන්න බලන් සකි
පාරට මල් නැමිලා

තාක්‌ක තෙයි තෙයි
තාක්‌ක තෙයි තෙයි
තේක්‌ක මල් පිපිලා
ඔන්න බලන් සකි
මෙන්න බලන් සකි
පාරට මල් නැමිලා
තෙතෙයි තෙයි
පාරට මල් නැමිලා

———————————-

 

මලින් මලේ රොන් ගන්නා
බමරු බමන්නා
රළින් රළේ මොනරුන් සිට
පිල් විදහන්නා
මලින් ගොසින් වළිකුකුළන්
නද පතුරන්නා
රබන් ගසන්නා අන්දම්
බලා සිටින්නා

 

———————————-

මොනරුන් දෙන්නෙක්‌
පිල් විදහාගෙන
ඉරු සේවය කරතෙයි
කපුටන් දෙන්නෙක්‌
ඒක බලාගෙන
කාක්‌ කාක්‌ කියතෙයි
උඩ ඉඳ
කාක්‌ කාක්‌ කියතෙයි

———————————-

රන් රඹුටන් ගස්‌ දෙකයි
ගිනිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්‌aසනයි
රන් රඹුටන් ගස්‌ දෙක යට
ගිණි කුකුළන් පස්‌දෙනයි
උන්ට කන්න බත් දෙනකොට
උනුත් එක්‌ක ලස්‌සනයි

———————————-

 

කොකෝ කොක්‌කු දෙදහසයි
කොකෝ කොක්‌කු දෙදහසයි
කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
අම්බලමක දොයි
කෙකී කරපු නින්දාවට
කොකා ගොසින් බෙංගාලෙට
කොකෝ කොකෝ හඬාපන්
කොකෝ කොකෝ හඬාපන්
එයම තවත් ආකාරයකට වැයෙන්නේ මෙලෙසිනි.

———————————-

කොක්‌කු දෙදහසක්‌ ඇවිදින්
පුත්තලමේ දොං
තවත් දෙදහසක්‌ ඇවිදින්
අතරමගදි දොං
කොකා කරපු නින්දාවට
කෙකී ගොසින් බොම්බායට
කොක්‌කු පුතේ
කොක්‌ වැල්ලේ
ටිකක්‌ නටාපන් බලන්න.

———————————-

පොල් අත්තක්‌ උඩ
පොල් කිච්චෙක්‌ ඉඳ
කිචිං බිචිං බොල
කිචිං බිචිං
වළලු කුට්‌ටම්
හතක්‌ දමාගෙන
සිලිං සිලිං බොල
සිලිං බිලිං.

———————————-

වඳුරත්තා බොල වැඳිරිත්තා
වඳුරත් වැඳිරිත්තා
වැඳිරිගෙ හැත්තට
හැට්‌ට මහන්නට
වඳුරත් වැඳිරිත්

———————————-

 

වඳුරත් අත්තක
පැන පැන යන්නං
වැඳිරිත් අත්තක
පැන පැන යන්නං
වඳුරත් වැඳිරිත්
අත්ත කඩාගෙන
ගුන්ද තරිකිට
ගුන්ද දොං දොං

———————————-

සඳුන් කැලේ අපි යනකොට රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන පිනුම් ගහනවා
තක දොං පිනුම් ගහනවා

————————————————————-

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
පෙට්ටගමක් උඩ තුටිටු දෙකක් ඇත

————————————————————-

තරිකිට දොං දොං අවුරුද්දයි – රබාන දැන් දැන් හරි සද්දයි
තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං
අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං
අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන්
අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්

————————————————————-

රුං රුං රුඳ ගත රුංද ගතත් ගත රුංද ගතත් ගත තෙයි
අපේ ගෙදර තුන් දෙනයි උඩහ ගෙදර තුන් දෙනයි පහළ ගෙදර තුන් දෙනයි
තුන් පොළේම නව දෙනයි ගසට පලච්චෙයි විමනා ගසින් වැටිච්චෙයි විමනා
විමනා කුන්ද මනා කුකඳ මනා කුඳං මනා දොං

————————————————————-

වත්ත කතත් කතත්තා
ගෙදර ගතත් කතත්තා
වත්ත කතත් ගෙදර කතත්
දෙකම කතත් කතත්තා

————————————————————-
මිටක් අරගෙන විහාරෙට ගොසින් නංගියෙ පූජකර වරෙන්
නංගියෙ පූජකර වරෙන්
බුදුන් දම් සඟුන් වැඳ-ලා දෙගුරු ගුරු වරන් සිහිකර පූජකර වරෙන් නංගියෙ පූජකර
වරෙන් තක තෙයි පූජකර වරෙන්

————————————————————-

වංගගිරි මැද වෙස්සන්තර රජ දනක් දුන් සැටි අසන් දොං දොං
රංග බබළාබබළ බබළා නමින් අදිපති සුරන් දොං දොන්
රංබ රඹ ගස යටට වී හැම කොළොම්පුරයේ ඉඳන් දොං දොං
මේ ලංකාවේ නිරින්ඳුන් ඉදිරියේ ගසමුව රබන් දොං දොං

————————————————————-

රෑන ගිරවු නටතෙයි
ගුඳං ගුඳ පේර දොඩම් වැටෙතෙයි
විටිං විට පේර දොංම් වැටෙටතයි

————————————————————-

රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය
රන් පුටුවක් උඩ ඉන්න කියාපිය නූලක් මතුරල දේන කියාපිය

————————————————————-

තාක්ක දොං දොං තාක්ක දොං දොං
තේක්ක මල් පිපිලා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා

————————————————————-

ඉර බසිනා කල ගසකට කුකුළන් පියාසරින් නගිතෙයි
දෙපතුල් කටුවන් කරමල් රතුවන් රිංද ගුඳන් තකතෙයි
එළිවෙන යාමෙට ඌ ඉඳ එතනින් හීන් හඬින් හඬතෙයි
කුකුළගෙ සවුදම ඔන්න ගසනවා කොක කොක් ගහිති ගතෙයි

————————————————————-

වත්තෙ නැන්දගේ රෙද්දෙ තුත්තිරි සිද්ද පත්තිනි දෙයියනේ
තිත්ත තිබ්බටු තෙලෙන් බැද්දත් තිත්තමයි හැම දෙයියනේ

————————————————————-

තෙලෙන් බැද්දත් කොබෙයියා
කිරෙන් බැද්දත් කොබෙයියා
තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත්
දෙකෙන් බැද්දත් කොබෙයියා

————————————————————-

රුහුණු දනව්වෙහි කරොංචි නයිදෙට ගෑනු හරක් බඳිතෙයි
තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි
මදු කොළ අහුරක් මිටට කඩාගෙන ඉදොඃ ඉදොඃ කියතෙයි
තෙතෙයි තෙයි ඉදොඃ ඉදොඃ කියතෙයි
බාන් පොටක් ගෙන කර දමාගෙන කදුරු ගහේ බඳිතෙයි තෙතෙයි තෙයි
කදුරු ගහේ බඳිතෙයි මෙ
ච්චර මේ රටේ පිරිමි සිටිද්දිත් ගෑනු හරක් බඳිතෙයි
තෙතෙයි තෙයි ගෑනු හරක් බඳිතෙයි

————————————————————-

රන් කුඹලයි රන් කුඹලියි රටක පලච්චී
ගෙදර හිටිය වකුටු කෙල්ල දීග පලච්චී

————————————————————-

දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත
වන්ඩු දෙකක් උඩු පිට්ටු දෙකක් ඇත

————————————————————-

බච්චො ආත්තත් ගොඩේ ආත්තත් කොත්තන් මුත්තත්
බබියානත් යකදුරු මුත්තත් පේදුරු මුත්තත් ඉලූක් කනත්තත්
කිරි එතනත් යද්දෙහි මුත්තත් ගෝසක මුත්තත් සලමන් මුත්තත්
කළු මුත්තත් මේ හැම මුත්තල අපේ ආත්තල කොහේ ගියත් දැන් සුර පුරයේ

————————————————————-
තකිට දොං දොං
තකිට දොං දොං තකිට දොං දොං දොං
අපිට අරන් කැවුම්, කොකිස් නැන්දා එනවා දොං තරිකිට දොං දොං
අවුරුද්දයි රබාන දැන් හරි – හරි සද්දයි තකිට දොං දොං – තකිට දොං

————————————————————-

පිලවක්කේ කැත්ත දො දොං
පිලවටකර කැත්ත දො දොං
ගුදං ගතං කැත්ත දො දොං
රාං රූං කැත්ත දො දොං

————————————————————-

එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් – මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්………..

————————————————————-

රන් තැඹිලි ගස් දෙකයි
ගොන් තැඹිලි ගස් දෙකයි
ගස් දෙකට මල් දෙකයි
මල් දෙකට ගෙඩි දෙකයි

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More