kandy news web
kandy news web

සුරාබදු නිළධාරින් 1200ක් රට පුරා

0 110

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (13) සහ හෙට (14) යන දෙදින තුළ දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබේ.

මෙම දිනයන්හි නීති විරෝධි ලෙස මත්පැන් බෙදාහැරිම සහ විකිණිමේ නිරත සුරාබදු බලපත්‍රධාරින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

AD2

එමෙන්ම මෙම කාලය තුළ නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනිම, හා ජාවාරම් කිරිම වැලැක්විම සදහා මෙන්ම නීති උල්ලංඝණය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු නිළධාරින්ට උපදෙස් ලබාදී ඇත.

ඒ සදහා  දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු නිළධාරින් 1200ක් පමණ යොදවා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේය.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More