kandy news web
kandy news web

නාවුල පොලේ සූරා කෑම

නාවුල - ඉන්දික අරුණ කුමාර

0 104

අළුත් අවුරැද්දට එක් දිනක් ඉතිරිව තිබෙද්දි ඊයේ (12) නාඋල විශේෂ සති පොලේ භාණ්ඩ මිල හිතුමතේ ඉහළ දැමීම හේතුවෙන් පාරිභෝගිකයෝ රැසක් භාණ්ඩ නොගෙන ආපසු යන අයුරැ දක්නට ලැබිනි.

පෙරේදා (11) වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැපියල් 15 ත් 20 ත් අතර පැවති ගෝවා නාඋල පොලේ කිලෝව රැපියල් 120ට අලෙවි විය.

AD2

සෙසු එළවළු අතර බෝංචි කිලෝවක් රැපියල් 100 ත් 130 ත් අතර අලවි විය.

සෙසු එළවළු කිලෝවක මිල සටන් වූ ආකාරයට බීට් රෑට් රැපියල් 200 යි, කැරට් රැපියල් 100යි. පත්තෝල රැපියල් 100 යි,තක්කාලි කිලෝව රැපියල් 160 ක් ආදි වශයෙන් අලවි විය.

මෙම තත්ත්වයට විරෝධය පා බොහෝ පාරිභෝගිකයින් අදහස් දැක්වීය.

කෝංගහවෙල ප්‍රදේශයෙන් පැමිණි ගොවියෙකු කියා සිටියේ කිසිදු වසරක මෙවැනි අසාධාරණ මිල වැඩිකිරිමක් සිදුව නොමැති බවයි.

‘ මහත්තයෝ මම ඊයේ දඹුල්ලට ගෝවා අරන් ගියා මගෙන් ගත්තේ රැපියල් පහලොවට කිලෝව. අද නාඋල ඇවිත් බලනකොට කිලෝව 120 යි.

මුන් එක දවසෙන් තියෙන ප්‍රශ්න විසදාගන්න බිස්නස් කරනවා. මුන්ට හෙන ගහන්න ඕනේ මහත්තයෝ. මෙව්වා බලන්න කවුරැත් නෑ. ටීවී එකේනම් කිරි ඉතිරෙනවා.

ගොයියා විදින දුක කාටවත් පේන්නේ නැ. තුට්ටු දෙකක් ගොයියට දීලා අද මුන් ගිණි ගානට එලවලු විකුනනවා. කවුද මෙව්වා දිහා බලන්නේ.

බොහෝ පිරිස් නාඋල පොලේ සිදුවන අසාධාරණ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් දැක්වු අතර නාඋල ප්‍රදේශයේ කාන්තාවක කියා සිටියේ සෑම වසරකම වෙළදුන් රිසි සේ භාණ්ඩ අලවිකරණ බවත් ඒවා පිළිබද සොයා බැලීම සදහා කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවයි.

සමස්ථයක් ලෙස ගත් කළ නාඋල විශේෂ අවුරැදු පොළේ සියළු භාණ්ඩ දැරිය නොහැකි මිලගනන් වලට වෙළදුන් විසින් අලවි කිරිම සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් අවස්ථා ගනනාවක දී විමසීම සදහා උත්සහා කළ ද එය ව්‍යර් ථ විය.

භාණ්ඩ මිලදී ගැණිමෙන් අනතුරැව නාඋල පොලනේ පිටව යන ගොවියෙකු කියා සිටියේ කනේ කරේ බඩු උගස් තියලා අවුරැද්දට බඩු ගන්න පොලට ආවා කිසිම බඩුවක් අඩු නෑ. අහිංසක ගොවීයාගේ බඩු ටික තුට්ටු දෙකට අරන් අද මුන් හීතු ගානට විකුනවා.

ඒකට හේතුව මෙව්වා බලන්න එක ——— පුතෙක් නෑ. රට කොරන එවුන්ට මෙව්වා පේන්නෙත් නැ. යනුවෙනි.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More