kandy news web
kandy news web

BOI නව සභාපති පත්කෙරේ

0 106

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මංගල යාපා මහතා පත් කෙරේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්  මනා පළපුරුද්දක් සහිත වෘත්තීයවේදියෙක් වන මෙතුමන්  පත්කරනු ලැබ ඇත.

AD2

ඔහු මීට පෙර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කොට තිබේ.

එමෙන්ම ඔහු ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසත්  ජාතික වාණිජ අපනයන කරුවන්ගේ සංගමයේ සභාපති ලෙසද සේවය කර තිබේ.  

එමෙන්ම සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යංශයේ තාක්‍ෂණ උපදේශක ලෙස සේවය කරන ලද අතර මෑතක දී ආරම්භ කරන ලද මහා පරිමාණ සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘති වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරන ලදී.

මෙතුමා රුසියා‍ෙවේ අශ්ට්‍රකාන් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබදව ගෞරව උපාධිධාරියෙක් වන අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය සම්බන්ධ පශ්චාත් උපාධිධාරියෙකි.  

මොහු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සහ වරලත් ඉංජිනේරු ආයතනයේ සමාජිකත්වය දරන අතර එක්සත් රාජධානියේ සමුද්‍ර ඉංජිනේරු සහ විද්‍යා තාක්‍ෂණ ආයතනයේ ද සාමාජිකත්වය දරයි.

එමෙන්ම ඔහු වරලත් වෘත්තීයමය කළමණාකරුවන්ගේ පුරෝගාමී සාමාජිකයෙක් වන අතර පශ්චාත් උපාධි කළමණාකර ආයතනයේ ආදි විද්‍යාර්තීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරයි.  

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More