kandy news web
kandy news web

විදුලි කප්පාදුව අවසන්

0 92

අද සිට විදුලි කප්පාදුව අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

පෞද්ගලික අංශයෙන් මෙගා වොට් 500ක විදුලිය මිළදි ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණේ. ‍

AD2

ලංකා විදුලිබල මණ්ඩලය ඒකකයක් නිපදවන මිළට වඩා අඩු මිළක් යටතේ මෙම අමතර විදුලිය මිළදී ගැනීමට හැකිව ඇති බවද අමාත්‍යංශය සඳහන් කළා.

ඉදිරියට මෙවැනි විදුලි අර්බුදයක් ඇති නොවීම සඳහා අදියර කිහිපයක් යටතේ නව වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරිමට ද සැලසුම් කර තිබෙනවා.

කෙටි, මධ්‍ය සහ දිගු කාලීන ලෙස ඒවා ක‍්‍රියාත්මක බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

දිගු කාලීන වැඩසටහනින් මෙගා වොට් තුන් දහසත් තුන් දහස් පන්සියයත් අතර විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරිම මෙහි සැලසුමයි.

දැනට අළුත්වැඩියා තත්ත්වයේ පවතින විදුලි බලාගාර නිසි පරිසි ක‍්‍රියාත්මක කිරිමයි මධ්‍ය කාලින වැඩසටහනින් සිදුකෙරේ.

මේ අතර මධ්‍යම කදුකර ප‍්‍රදේශවලට තද වැසි ඇද හැලෙමින් පවතී.

අදත් ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More