සෝමාවතී රක්ෂිතයේ දැවැන්තයෙක්ට වෙඩි ප්රහාර

සෝමාවතිය රක්ෂිතයේ මැදිරිගිරිය බෙරිවිල ප්රදේශයේදී වන අලියෙකු හිසට වෙඩි වැදීමෙන් මියගොස් තිබේ.
එලෙස මියගොස් තිබුණේ අඩි 8 ක් පමණ උස අවුරුදු 15 ත් 25 ත් අතර වයසේ වනඅලියෙකි.
දඬයක්කරුවෙකු විසින් මෙම අලියාට වෙඩි තබන්නට ඇති බවට සැකපළ කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෙරිවිල සහ ගිරිතලේ වනජීවී කාර්යාල පරීක්ෂණ ආරම්භ කර ඇත.