ඉන්දීය ආරක්ෂක ලේකම් දළදා වහන්සේ නමදී
මහනුවර - හේරත් ඒකනායක

ඉන්දු ශ්රී ලංකා ආරක්ෂක සමුළුවට සහභාගී වීමට දිවයිනට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක ලේකම් සංජය මිත්රා මහතා මහනුවර දී අද ශ්රී දළදා වහන්සේ වැද පුදා ගත්තා.
දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු ඒ මහතා විශේෂ අමුත්තන්ගේ පරිශ්රයේදී සමරු සටහනක්ද තබමින් ශ්රී දළදා මාලිගාව සදහා ආධාරයක්ද පිරිනැමීමට කටයුතු කළා.
දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුගාරයේ ඉන්දියානු පරිශ්රය ද සංජය මිශ්රා මහතා විසින් නිරීක්ෂණය කළ අතර මෙම අවස්ථාවට ඉන්දිය ආරක්ෂක අංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
වීඩියෝ සහිතයි.