මාතලේ දඹුල්ල ජල බෝතල් ගැටළු
මාතලේ - ඉන්දික අරුණ කුමාර

මාතලේ සිට දඹුල්ල දක්වා පිහිටි ප්‍රධාන උප නගර රැසක වෙළදසැල් වල අලවිය සදහා ඇති පාණීය ජල බෝතල් වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බව පාරිභෝගිකයෝ කියා සිටිති.
නිසි පරිදි නිෂ්පාදිත දිනය සදහන් නොවීම,දවස පුරා හිරැ එළියට ආවරණය වන පරිදි ජල බෝතල් ප්‍රදර් ශනය, නිසි මිලක් නොමැතිව විවිධ සමාගම් විවිධ මිලගනන් භාවිත කිරිම ආදි ගැටළු රැසක් ජල බෝතල් සම්බන්ධයෙන් පවතින බව පාරිභෝගිකයෝ කියා සිටිති.
මේ අතර ශිතකල ජල බෝතල් සදහා වෙලදසැල් හිමියන් විවිධ මිලගනන් අයකරන බවත් පාරිභෝගිකයෝ කියා සිටිති.
ජල බෝතල් සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව ශ්‍රි ලංකා පාරිභෝගික සේවා අධිකාරියෙන් ද අපි විමසීමක් කළෙමු.
එහි දි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර් තාවන පානීය ජල බෝතල් පිළීබද ගැටළු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මාතලේ දිස්ත්‍රික්කයේ ද පවනවා යැයි කියන ජල බෝතල් ගැටළුව සම්බන්ධයෙන් සිය අධිකාරියේ පූර් ණ අවධානය යොමුකරන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.