138 බස් වර්ජනය

අද උදෑසන 09 සිට හෝමාගම පිටකොටුව බස් රථ වර්ජනයක් ආරම්භ කොට තිබේ.
පසුගියදා විවෘථ කරන ලද ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වන කොට්ටාව මාකුඹුර බස් පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවක් හේතුවෙන් මෙම වර්ජනය සිදු කරන බව වාර්තා වේ.
මේ හේතුවෙන් 138 බස් මාර්ගයේ හෝමාගම සහ මාකුඹුර බස් පර්යන්තයෙන් ධාවනය අරඹන සියලු බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත්ව ඇත.
අදාල වර්ජනය පිළිබඳ මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතින බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.