අද සිට කාලගුණය වෙනස් වේ

කාලගුණයේ වෙනසක් අද(09) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම තත්වය හේතුවෙන් ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනු ඇත.
එම අවස්ථාවන් වලදී තාවකාලික තද සුලං ද වර්ධනය විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර දෙසින් වන මුහුදු ප්රදේශවලද වැසි හටගත හැකි බවත් සදහන් කෙරේ.