මාරක රිය අනතුරක් මාතලේ
තෙරුණි ද සිල්වා

ඊයේ (08) සවස 03ට පමණ මහනුවර මාතලේ මාර්ගයේ අනතුරක් සිදුවී ඇති අතර එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මහනුවර සිට මාතලේ දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ධාවනය වූ පුද්ගලික බස් රථයකට ඉස්සරකර යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් ආ ත්රීරෝද රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
එහිදී ත්රීරෝද රථයේ රියදුරු හා මගීන් තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබේ.
රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අවුරුදු 61 වන උකුවෙල පදිංචිව සිටි මොහොමඩ් හනීෆා මොහොමඩ් වසීර් යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.
මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පැවැත්වීමට නියමිතයි.
කාර් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර මාතලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.