kandy news web
kandy news web

අව්වට නිරාවරණය වූ කැවුම් කොකිස් රස කෑම කන්න එපා

0 81

මේ වන විට දිවයින පුරා පවතින්නේ දැඩි අව් රශ්මියකි.

එමෙන්ම සිංහල හින්දු අලුත් අවුරුදු කාලය යනු කැවුම් කොකිස් රස කැවිලි නොඅඩු කාලයකි.

AD2

එබැවින් මෙම දැඩි අව් රශ්මියට නිරාවරණය වූ කේක්, කැවුම් කොකිස්  සහ වෙනත් රස කැවිලි භාවිතයෙන් වළකින්නැයි, මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

එහි භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා එලෙස සදහන් කිරීමට හේතු කිහිපයක් ලෙස, දැඩි අව් රශ්මිය හේතුවෙන්, එම ආහාරවල රසායනික සංයුතිය වෙනස්වී, ගුණාතමකභාවයට හානි විය හැකි බව ප්‍රකාශ කරයි.

ඒ හේතුවෙන්, සෑම විටම ආරක්ෂිත ක්‍රමවේද යටතේ, අසුරන ලද ආහාර පමණක් භාවිතයට ගන්නැයි, ඔහු විසින් ජනතාවට දැනුම් දෙයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More