දුම්රිය හා බස් හෙට වර්ජනයේ

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් හා පෞද්ගලික බස් රථ සංගමය හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ඇරඹීමට නියමිත අතර එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකර බව එම වෘත්තීය සමිති අද ප්‍රකාශ කළා.
සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක් සංඛේත වැඩවර්ජනයක නිරත වීමට නියමිත අතර ආණ්ඩුවේ නව දඩ මුදල් ක්‍රමයක් හඳුන්වා දීමට විරෝධය පළ කිරීම මෙහි අරමුණයි.
මෙහිදී දුම්රිය නියාමකවරු, පාලකරවරු, ස්ථානාධිපතිවරු හෙට මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක් වැඩවර්ජනයේ නිරතවීමට නියමිතයි.
ඒ සඳහා බලපා ඇත්තේ වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.