දැරියන් දෙදෙනෙකු දියේ ගිලී මරුට

ඊයේ සවස 5.30 ට පමණ අලව්ව ප්රදේශයේ සංගිල පාලම අසල මා ඔයේ දිය නාමින් සිටියදී දැරියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.
දියේ ගිලෙමින් සිටියදී ප්රදේශවාසීන් විසින් දැරියන් දෙදෙනා බේරාගෙන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 14ක් වන ගමගේ ඉනෝකා සචිනි හා අවුරුදු 11ක් වන ගමගේ තිරෝෂි ජීවසිකා යන දැරිවියන්ය.
මෘත ශරීරයන් පොල්ගහවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.