රෑට විදුලිය කපන කදුරට – දවල් ඇවිලෙන ලයිට්
රටවටා පුවත් අනාවරණය

මහනුවර යනු දස දහසක් දෙනා ඇවිද යන රාජකාරි වෙනුවෙන් එන යන ජනාකීර්ණම නගරයකි.
මහනුවර නගරයේ යටිනුවර වීථියේ ප්රසිද්ධ බාලිකා පාසලක් අසල රේල් ගේට්ටුව අසල දහවල් 12 ට රටවටා අපිට දවල් ලයිට් දකින්නට හැකි විය.
දිවයින පුරා උෂ්ණත්වය හේතුවෙන් විදුලිය කපා දැමීම් කාලය දීර්ඝ කරමින් පැය 04ක් විදුලිය කපා හරිනු ලබන්නේ රජයට හෝ විදුලි බල මණ්ඩලයට ඇති කැමැත්තකට නොව කාලානුරූපිව ගත යුතු හොදම පියවර එය වන බැවිිනි.
ඒ වෙනුවෙන් හඩ නගන්නන් රාශියකි.
එවන් අවධියක අපට මෙම දසුන දහවල් තරු පෙන්නන්නට විය.
උගත් නූගත් දුප්පත් පොහොසත් ගැහැනු පිරිමි ළමා තරුණ කිසිදු වයස් බේදයකින් තොරව විදුලිය හා ජල ගැටළුවන් පීඩා විිදිමින් සිටී.
එහෙත් ඉහත දැක්වූ මාර්ගය අසල වීථි ලාම්පුවක් මෙසේ දැල්වෙමින් සිටින අවධියක එය නිවා දැමීමට කවරෙකු හෝ ඉදිරිපත් නොවීම දුකට කරුණකි.
කියන්නන් වාලේ කියන හේතුවක් නොමැතිව දෝෂාරෝපනය කරන අපි මෙවන් අවස්ථාවක නැගී සිටින්නේ නැතිනම්, වැරදි නිවැරදි නොකරන්නේ නම්, ගම හදා රට හදන්නේ කෙසේද යන්න ගැටළුවකි.
වීථි පහන් මගින් එලිය ලබා ගන්නා අප උදෑසන එය නිවාදැමීමට තරම් හිත්පිත් නැතිව හැසිරිය යුතු නොවන්නේය.
එබැවින් අද මේ වරද හෙටත් සිදු නොවීමට අප විසින් වගබලා ගත යුතු වන්නේය.