අවුරුදු 13ක අධ්‍යාපනයට NVQ දෙන්න ලෑස්ති

වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද පිරිනමන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
මෙහි අරමුණ වනුයේ රැකියා අපේක්ෂා කිරීමේදී කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයෙන් දරුවන් වැඩ ලෝකයට ප්‍රවේශ කිරීමයි.
එපමණක් නොව පාසල්වල කී‍්‍රඩා පහසුකම් වැඩිදියුණු කිරිමට ද පියවර ගෙන තිබෙන අතර ඒ වෙනුවෙන් කී‍්‍රඩා පුහුණුකරුවන් 3850 දෙනාකු තෝරාපත්කරගෙන ඇති අතර ඔවුන් වෙනුවනේ මැයි මාසයේදී පත්වීම් ලබාදීමටද සැලසුම් කර ඇති බව එතුමන් ප්‍රකාශ කරයි.
විධිමත් පුහුණුවකින් පසු ඔවුන් පාසල් වලට යොමු කිරීම සිදුකරන බවත් එතුලින් පාසල් ක්‍රීඩා ඉහල තලයකට ගෙන ඒමට කටයුතු කිරීම මේ වනවිට ආරම්භ වී ඇත.
කී‍්‍රඩා දස්කම් සහ හැකියාවන් දක්වන දරුවන් දහසකට සුමග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500 ක දීමනාවක් ලබාදීම සඳහා අවධානය යොමුකර ඇති බවයි අමාත්‍යවරයා තචදුරටත් පෙන්වාදෙයි.