kandy news web
kandy news web

2018 රාජ්‍ය නත්තල් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මන්නාරමේ දී

0 113

2018 රාජ්‍ය නත්තල් උත්සවය 'සමිඳු උපතයි නත්තල් සිරියයි' යන තේමාව යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

කැරොල් ගායනා ඇතුළු විචිත්‍රාංග රැසකින් රාජ්‍ය නත්තල් උත්සවය වර්ණවත් වූ අතර 2018 රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව පැවති නිර්මාණ තරගවල ජයග්‍රාහකයින්ට තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

AD2

අපෝස්තලික තානාපති අතිඋතුම් පියරේ නුයෙන් වෑන් වොට් රදගුරු හිමිපාණන්, ශ්‍රි ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය වින්සන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, මන්නාරම රදගුරු අති උතුම් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමන් ඇතුලු පියතුමන්ලා සහ උතුරැ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් රාජ්‍ය නිළධාරින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More