kandy news web
kandy news web

වියළි කාලගුණය ලක්ෂ ගණනකට පීඩා කරයි

0 108

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට වියළි කාලගුණ තත්වයක් පවතී.

එම තත්වය හේතුවෙන් පුද්ගලයාගේ සිට සතා සීපාවා පමණක් නොව ගස් වැල් පවා පීඩා විදින ආකරය දැකගත හැකිය.

AD2

මේ වන විට මේ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 321,127 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 75,416ක් ඒ අතර වන බවයි.

වියළි කාලගුණය පවතින ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා බවුසර් 207 ක් යොදා ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

වියළි කාලගුණයත් සමග වනාන්තර ගිනිගැනීම් ඉහළ ගොස් ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.

වනාන්තර ගිනිගැනීම් 50 ක් වාර්තාවී ඇති බවට වාර්තා සඳහන් කරයි.

මම තත්ත්වය එළඹෙන මැයි මාසයෙත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇති අතර එම තත්ත්වය අප්‍රේල් 15 පමණ වන තෙක් පවතින බව එම දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

අධික සූර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බැවින් දිවයින තුළ හා දිවයින අවට ජලාශවල ජලය වාෂ්පීකරණය වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බව ඔහු සඳහන් කළේ ය.

අතුල කරුණානායක මහතා පැවසුවේ, මේ දිනවල සුළං හමන වේගය අඩුවීම නිසා ජල වාෂ්පවලින් වැසි වළාකුළු නිර්මාණය නොවන අතරම ජල වාෂ්ප පහළ වායුගෝලයේ සංසරණය වන බවයි.

පහළ වායුගෝලයේ සංසරණය වන මෙම ජල අංශු රත්වීමෙන් අධික උෂ්ණත්වයක් දැනෙන බව ද ඔහු ‍පෙන්වා දුන්නේ ය.

පවතින කාලගුණය සළකා බැලු විට වර්ෂාව ඇතිවිමට තරම් වළාකුළු නිර්මාණය වන තත්ත්වයක් දැකිය නොහැකි අතරම සුලු වාර්ෂාපතනයක් වාර්තා වුව ද මෙම උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මාසයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසී ය.

ඔහු පැවසුවේ, විශේෂයෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලට මෙම තත්ත්යට වැඩිවශයෙන් බලපෑ හැකි බවයි.

අද දහවල් 12.12 ට අහුංගල්ල, ගනේගොඩ කලුබෝවිටියන, කැටවල , වලල්ගොඩ, සූරියවැව හා ගල්කඩුව යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර පවතින වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය හමුවේ විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

එහි ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ
වියළි කාලගුණික තත්ත්වය සහ අධික උෂ්ණත්වය යන තත්ත්වයන් දෙකේ දීම කුඩා ළමුන් වඩාත් බලපෑමට ලක්වන බවයි.

ජලය හිඟකම නිසා අපිරිසිදු ජලය පානය කිරීමට සිදුවීමෙන් පාචනය වැනි රෝග තත්වයන් ද වැළදිය හැකි බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඉල්ලා සිටින්නේ බෝවන රෝග අවම කර ගැනීම සඳහා ජලය උනුකර පානය කිරීමට කටයුතු කරන ලෙසයි.

ළමුන්, රෝගී පුද්ගලයන් මෙන්ම වයෝවෘද්ධ පිරිස්ද දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වන ලෙසට කටයුතු කරන්නැයි ඔහු ඉල්ලා සිටී.

වෛද්‍යවරයා පැවසුවේ දඩි උෂ්ණත්වයත් සමග අධික වෙහෙසකර තත්වයක් දැනේ නම් එම පරිසරයෙන් ඉවත් වී සෙවන සහිත ස්ථානයකට යන ලෙසත් අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙසයි.

අන්තර්ජාලයෙන් 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More