රෝහල් රැසක හෙද වැඩ වර්ජනයක්

ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද දිනයේ හෙද නිළධාරීන්ගේ වැඩ වර්ජනයක් ක්රියාත්මක වේ.
හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස වැඩ වර්ජනය ක්රියාත්මක කරන බව රාජ්ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
මෙම වර්ජනය ක්රියාත්මක වුවද රෝහල් සේවා උපරිම අයුරින් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එබැවින් අද දිනයට නියමිත සායන මෙන්ම බාහිර රෝගී අංශයේ ප්රතිකාර සේවා ද ක්රියාත්මක වන ආකාරය දැකගත හැකිවිය.