ඔබත් නිවැරදිව බුදු ගුණ සිහි කරන අයෙක් ද ?
හිරුණිකා මධුභාෂිණී

ලොව්තුරා බුදුන් වහන්සේ වෙනුවෙන් සෑම නිවසකම බුද්ධ ප්‍රතිමාවක් වන්දනා කිරීම අද වන විට චාරිත්‍රයක් බවට පත් වී ඇත .නමුත් සමහරුන් මෙය භක්තියෙන් සිදු කලද තවත් සමහර පිරිසකට මෙය පුරුද්දට කරන ක්‍රියාවලියක් බවට පත් වී ඇත .ඉතින් ඒ නිසාම අපි තීරණය කලා නිවසක බුද්ධ ප්‍රතිමා වහන්සේ හා සම්බන්ද බොහෝ වැදගත් දේ ඔබ සමග බෙදා හදා ගන්න . පහලින් දැක්වෙන්නේ එම කරුණුය .
*නිවසක බුදු පහන ඊසාන දිශාවට වන්නට තැබීම වඩාත් සුදුසුයි .
*නිවසට පැමිණෙන ඕනෑම කෙනෙකුට දැක ගත හැකිවන අයුරින් බුදු පහන ස්ථාන ගත කල යුතුය .
*තට්ටු නිවාසයක් නම් ඉහල මහලයේ බුදු පිළිමය ස්ථාන ගත කල යුතුය .
*කුඩා බුදු පහනක් තොර නොගත යුතුය .අඩුම වශයෙන් පැය 5 හෝ දැල්වෙන ආකාරයට බුදු පහන තෝරා ගත යුතුය .එහිදී වැස්මක් සහිත පහනක් තෝරා ගැනීම වඩාත් වැදගත් වේ .
*බුද්ධ ප්‍රතිමාවක් තෝරාගැනීමේදී ලා පැහැයෙන් යුතු සමාධි මුද්‍රාවෙන් වැඩ හිදින බුද්ධ ප්‍රතිමාවක් තෝරා ගැනීම වඩාත් සුදුසුය .
*හිරු බැස යාමට පෙර හෝ පාන්දර කාලයේ බුදුන් වැදීමෙන් නිවසට සහ නිවැසියන්ට සුභ දායක වේ .
*දේව රූප තැබිය යුත්තේ බුදු පිළිමයට පහලට වන්නට වම පසින් හෝ දකුණු පසිනි .එහිදී බුද්ධ ප්‍රතිමාවට කෙලින්ම පහලින් මෙම රුප ස්ථාන ගත නොකළ යුතුය .
*සතියකට වරක් හෝ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ එම ස්ථානය පිරිසිදු කල යුතුය .
*නිවසේ ගෘහ මුලිකයාගේ නාස් මට්ටමට උඩින් පිහිටන ලෙස බුදු පිළිමය ස්ථාන ගත කල යුතුය .එසේ කල නොහැකි අවස්ථාවල බිම හිද ගෙන ගාථා කිව යුතුය .
*මල් පහන්,පැන් වීදුරුව ආදී සියල්ලක්ම බන්දේසියක තැබිය යුතුය .
*පවුලේ සියලු දෙනාම එක්ව බුදුන් වැදීමෙන් නිවැසියන්ට වඩාත් යහපත ගෙන දේ .
*නිවාස තුලදී දෙවියන් පිදීම හෝ මල ගිය ඇත්තවුන්ට පින් අනුමෝදන් කිරීමෙන් වැලකීම වඩාත් සුදුසු ය .
මෙම කරුණු පිලිපැදීමෙන් ඔබට සහ පවුලේ සියලු දෙනාටම යහපතක් ඉටුවේ .ඔබ සැමටම තෙරුවන් සරණයි .
[උපුටා ගැනීමකි ]