අප්‍රේල් 05 ජාතික සිනමා දිනය ලෙස නම් කෙරේ

අප්‍රේල් 5 වැනි දා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතුවයි.
මෙලෙස මෙදින නම් කර ඇත්තේ, හෙළ සිනමාවේ පියාණන් යන විරුදාවලිය ලැබූ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ඡන්ම දිනය එදිනට යෙදී තිබීම හේතුවෙනි.
1956 දී රේඛාව සිනමා පටය රටට දායාද කරමින් දේශිය සිනමාවක් ගොඩනැගීමට පුරෝගාමී වූ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා මෙරට සිනමාවට දායාද කළ නිර්මාණ සංඛ්‍යාව 20 ක්.
පසුගිය වසරේ අප්‍රේල් 29 වැනි දා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්ත වූයේ සිනමාවේ පුරාවෘත්තයක් අවසන් කරමිනි.
හෙටදින( 5 ) සැමරෙන්නේ මහතාගේ 100 වැනි ඡන්ම දිනයයි.