මහනුවර ජලය අනතුරේ
හේරත් ඒකනායක - මහනුවර

රටපුරා පැතිර යන අධීක උෂ්ණත්වය මහනුවර ප්‍රදේශයටත් දැඩි බලපෑමක් සිදුකර තිබේ.
මෙහිදී මහනුුවර ප්‍රදේශයේ ජලය ලබාගන්නා ජලාශ වල ජල ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙමින් පවතී.
නගර සීමාවේ පිහිටා ඇති දුණුමඩලාව රක්ෂිතයේ ජලාශයේ හා ජලාශය පාරේ ඇති ජලාශයේ ජල මට්ටම මේ වන විට සීඝ්රයෙන් පහත වැටී ඇත.
එබැවින් මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කේසර සේනානායක නගරාධිපතිතුමන් විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන ලෙසයි.
අනවශ්‍ය ලෙස වාහන සේදීම, ජලයේ අපෙතේ යැවීම් නොකර ලක්ෂ එකහමාරකට අධීක මහනුවර ජනතාව හා පිටතින් පැමිණෙන ලක්ෂ හතරකට අධික පිරිස මෙම ජල සම්පත රැක ගැනීමට සක්‍රීයව දායක විය යුතුය.
ජල සම්පත රැක ගැනීම වෙනුවෙන් සියල්ල එක්ව ජාතික මෙහෙවරක් ලෙස සලකා දායක වීය යුතුය.