කෝටි දෙකක් අත්සන් කලත් මම විල්පත්තුව වෙනුවෙන් ඉන්නවා
රිෂාඩ් බදියුදීන් මහතා

ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
කල්මුනේ නගරයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසීය.
“වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එළෙව්වා.
ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා. එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.
දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා.
විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.
මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා.
අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න, කථා බහ කරන්න, එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා.“