නැගෙන හාරිස්පත්තුව
තෙරුණි ද සිල්වා

මහා නගර හා බස්නාහිර සංවර්ධන ගරු අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක පාසල් හා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමීව 2019 වර්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ, හාරිස්පත්තුව ආසනයේ පහත නම් සඳහන් යෝජනා ක්‍රියාත්මක කරනු ලැබේ.
- නුගවෙල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලීය, 40’ x 20’ ගොඩනැඟිල්ලේ ඉහළ මාලය සංවර්ධනය කිරීම.
- පල්කුඹුර ගෝනිගොඩ, උල්ලදුපිටිය නැගෙනහිර කුළුගම්මන, සෙනරත්ගම විල්දෙණිය යන මාර්ග හා අතුරු මාර්ග සංවර්ධනය කිරීම.
- සමිති ශාලා ප්‍රජා ශාලා ඉදි කිරීම් හා සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
රට නගන ගම හදන අරමුණට පෙරමුණක් ව්‍යාපෘති ඉල්ලීම් යටතේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ හාරිස්පත්තුව ආසන සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනුෂ්ක මල්වැව මහතාගේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිතයි.