දිඹුලාගලදී මාරක රිය අනතුරක්

ඊයේ(01) රාත්රී 8 ට පමණ දිඹුලාගල, පැලටියාය ප්රදේශයේ දී ටිපර් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා තිබේ.
මැටල් පටවා නවතා තිබු ටිපර් රථයක පිටිපසින් පැමිණ ඇති ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.
අනතුර සිදුවන අවශ්ථාවේ ලොරි රථයේ පුද්ගලයින් සිව් දෙනෙක් ගමන් කරමින් සිට තිබේ.
කෙසේ වෙතත් අනතුරට ලක්වු දෙදෙනෙක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබේ.
බරපතළ තුවාල ලැබු දෙදෙනා ද මේ වන විට පොළොන්නරුව රෝහලේ ප්රතිකාර ලබයි.
අරලගංවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.