අදත් වහින්නේ නැත

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නමුත් ඌව පළාතේ රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 2 න් පසුව වැසි ඇති විය හැකි බව ද වාර්තා වෙයි.
බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීඳුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.