ඩුබායි මධුෂ් සමඟ සිටි තවත් දෙදෙනෙකු පිටුවහල් කෙරේ

අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට පුද්ගලයන් අතුරින් තවත් දෙදෙනෙකු අද මෙරටට පිටුවහල් කරනු ලැබ තිබේ.
අද(02) අලුයම 4.55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා ප්‍රකාශ කළේය.
ඩුබායි හෝටලයක පැවති සාදයකදී මාකදුරේ මදුෂ් සමඟ පුද්ගලයින් තිස් එක් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඉන් හය දෙනෙකු පසුගිය දිනවල එරටින් පිටුවහල් කර තිබුණි.
ඒ අනුව මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති වයස අවුරුදු 48 ක් වු මිරානිය වීදිය, කොළඹ 12 යන ලිපිනයේ පදිංචිකරුවෙක් හා වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන වයස අවුරුදු 40 ක් වු කපුගොඩ, කඹුරුපිටිය යන ලිපිනයේ පදිංචි අය එරටින් පිටුවහල් කර ඇත.
ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.