රන් මහ සටනේ එක්දින තරගයේ ජය ශ්‍රී රාහුල විද්‍යාලයට
තෙරුණි ද සිල්වා

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හා ශ්‍රී රාහුල විද්‍යාලය අතර රන් මහ සටනේ එක් දින තරගය 30 වන දින පැවැත්විණි.
පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරගයේ ජය ශ්‍රී රාහුල විද්‍යාලයට හිමි විය.
මෙහිදී කාසිය වාසිය දිනාගත් සුමංගල විද්‍යාලය පළමුව පිටියට පිවිසි අතර සියල්ලන් දැවී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් විය.
එහිදී ලකුණු 87ක් ලබා ගනිමි කඩුලු 05ක ජයක් ලබා ගැනීමට ශ්‍රී රාහුල ක්‍රීඩකයන්ට හැකි විය.
මෙම තරගයේ දී සුමංගල විද්‍යාලය වෙනුවෙන් දිල්ෂාන් අරඹේගෙදර හා ආකාශ් ගාර්දියවසම් විස්කම් පෙන්වූ අතර රාහුලයන් වෙනුවෙන් මධුෂාන් පරණ විතාන, කුෂාන් සෙනරත් හා ලහිරු බණ්ඩාර යන ක්‍රීඩකයන් දස්කම් දක්වන්නට විය.
කැමරාකරණය – හිරුණිකා මධුභාෂිනී
ඡායාරූප – ඔමල්ක එරන්දීර