kandy news web
kandy news web

ශ්‍රීමා දිසානායක මහත්මියගේ අවසන් කටයුතු අද

0 104

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මිය 29 වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.

මෙතුමිය මියයන විට 77 වැනි වියේ පසුවූවාය.

AD2

එතුමියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද  (1) සිදුකෙරේ.

ඇයගේ දේහය කොළඹ, විජේරාම මාවතේ අංක 1/6 දරණ නිවසේ අද (1) පස්වරු 2.00 දක්වා තැන්පත් කර තිබේ.

 ඉන් අනතුරුව  ආගමික වතාවත්වලින් පසු පස්වරු 2.00ට පමණ දේහය රැගත් අවමංගල පෙරහැර බොරැල්ල කනත්ත බලා ගමන් ඇරඹීමට නියමිතය.

ඇය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව මෙන්ම ඇයට අරුණි තාරුකා නමින් දියණියක ද සිටී.

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස 1994 වසරේ ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු ඇති වූ අඩුව පුරවමින් එවර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද ශ්‍රීමා දිසානායක මහත්මියයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More