හම්බන්තොට තෙල් පිරිපහදුවට සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නැතිද ?

මිට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International [pvt] Ltd සමාගම රිෂාඩ් බදුදරින් ඇමතිවරයාට සම්බන්දකමක් ඇති මෙරට සමාගමක් වන Lanka oil Refinery Ltd. සමාගම සමග එක්ව තෙල් පිරිපහදු යෝජනාවක් ඉදිරිපත් කරන ලද බව වාර්තා වේ.
එහිදී රජය ප්‍රකාශ කලේ Lanka Oil Refinary Ltd සමාගමට තෙල් සම්බන්දයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයි .එනිසා එම යෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතු විය.
පසුව මේ පිළිබද යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කරන ලදුව කිසිදු පරිසර සක්‍යතා වාර්තාවක් නොමැතිව 2019 .03 .24 දින අදාළ ආයෝජන ගිවිසුමට අත්සන් කිරීමට කටයුතු යොදා තිබුනේ නීති විරෝධීව බව පරිසර සංවිධාන ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මුලික පරිසර වාර්තාවක් පමණක් බව ඔවුන් ප්‍රකාශ කරයි.
මේ සඳහා හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැති බවද තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරයි.
මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ශනයක් ඇති තංගල්ල ,උණවටුන ,හික්කඩුව ,යන වෙරල තීරයන් විනාශ වීමටද ඉඩ කඩ ඇති බවයි වාර්තා කරන පරිසර සංවිධාන ඒ වෙනුවෙන් බළධාරීන්ගේ අවධානය ඉල්ලා සිටී.