kandy news web
kandy news web

කටුගස්තොට ,ගොහාගොඩ කසල කන්ද සක්‍රිය වෙයි

හිරුනිකා මදුභාශිනි

0 140

කටුගස්තොට ,ගොහාගොඩ කසල කන්දේ බටහිර බැවුම ඉකුත් 24 වැනිදා නායයාමට ලක් විය .

මේ වන විට කුණු කන්දේ උස මිටර් 70 ක් පමණ වේ .

AD2

එම ප්‍රදේශයේ සංචාරයේ නියුතු අපට  දක්නට ලැබුනේ මේ වන විට එලෙස නාය යෑමට ලක් වූ කොටස මහනුවර මහ නගර සභාවේ බැකෝ යන්ත්‍ර යොදා ඉවත් කරමින් පවතින ආකාරයයි .

මෙම නායයාම සිදුවූ ස්ථානයේ සිට මීටර් 10 පමණ දුරින් නිවාස කිහිපයක් පිහිටා  ඇති අතර ජනතාව තවමත් එම ස්ථානවල රැදී සිටින ආකාරය අපට දැකගත හැකි විය. ඒහිදී ඔවුන් හට මෙම කසල කන්ද නායයෑමේන් විදින්නට වූ අපහසුතාවයන් රැසක් අප හා ප්‍රකාශ කරන්ට විය.

ඒ අතුරින් දැඩිව දැනෙන දුර්ගන්දය, සත්ව කරදරය බහුල වීම හා ස්වසන රෝග පැතිරයාමේ තත්වය විශේෂ විය.

මේ කසළ කන්ද පිළිබඳව  අදාළ බලධාරින් කිහිප විටක් දැනුවත් කලද ඔවුන් ඒ  පිලිබදව කිසිදු පියවරක් නොගත් බවත් ,ඒම හේතුව නිසා ප්‍රදේශවාසින් එක්ව උද්ගෝෂණ පවා සිදු කල බවත් , අදාල අංශ වෙනුවෙන් නඩු මාර්ගයට පවා එළඹීමෙන් පසු ඔවුන් එයින් ජයග්‍රහණය ලැබූ බවත් නමුත් අදටද කන්දෙහි කිසිදු වෙනසක් නොමැති බවත් එයින් කිසිදු ඵලක් සිදු නොවූ බවත් ප්‍රදේශවාසීන්ගේ අදහස් ඵල කරන්නට විය.

වැඩිදුර අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ කුණු කන්ද අවට සැලකිය යුතු පිරිසක් පදිංචිව සිටින බවත්, දුර්ගන්දය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාම දුෂ්කර බවත් ,මදුරුවන් මීයන් වැනි කෘන්තකයන් බෝවීම නිසා විවිධ රෝගාබාධවලට  ගොදුරු වන බවත් ය .ඔවුනගේ දුක් මහන්සියෙන් ඇති කරගත් නිවාස පවා හැර යාමට කාලය එළඹ ඇති බවත්ය.

ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ඉල්ලීම වුයේ අදාළ බලධාරීන් මේ පිලිබදව සොයා බලා කඩිනම් සහනදායි පියවරක් ඔවුන් වෙත ලබා දෙන ලෙසටයි.

නොඓසේ නම් ඔවුන් විසින් නඩුමාර්ගයෙන් ලබා ගත් ජයග්‍රහනයේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කර හෝ නැත්නම් එවැනි නව ව්‍යපෘතියක් මගින් හෝ මෙම ගැටළුව හැකි ඉක්මනින් විසදා දෙන මෙන් ජනතාව අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More